අපේක්ෂිත සුරාබදු ආදායම් පහළ යාම පිළබඳ සුරාබදු දෙපාර්තමේන්තුව කිහිප විටක්ම මුදල් අමාත්‍යාංශයේ අවධානයට ලක් කළ පසුබිමක සුරාබදු ආදායම් වැඩිකිරීමේ පියවරක් ලෙස දිවයින පුරා පිහිටි සතොස වෙළෙඳසැල් 300කට මත්පැන් අලෙවි බලපත්‍ර නිකුත් කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු සැලසුම් කොට ඇති බවට වාර්තා වනවා.
ඒ අනුව සුරාබදු නිවේදන 902 ඛණ්ඩය (සුරාබද්දට යටත් ද්‍රව්‍ය) යටතේ සුදුසුකම් සපුරා ඇති සියලු සතොස වෙළෙඳ සල් සඳහා කඩිනමින් මත්පැන් බලපත්‍ර ලබා දීම සම්බන්ධයෙන් මේ වනවිට කටයුතු සම්පාදනය වෙමින් පවතිනවා.