පාපන්දු ලෝක ශූරතාව දිනූ ආර්ජන්ටිනා පාපන්දු කණ්ඩායම පිළිගැනීමට පැමිණී පිරිස මිලියන 4 කටත් අධික බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කටාර්හි පැවති මෙවර තරගාවලියේ අවසන්මහා තරගයට ආර්ජන්ටිනාව සුදුසුකම් ලබාගැනීමත් සමගින් ආර්ජන්ටිනාවේ අගනගරය වූ බුවනෝස් අයර්ස් වෙත දහස් සංඛ්‍යාත ජනකායක් පැමිණීම විදෙස් මාධ්‍ය මගින් වාර්තා විය. එය කොතරම්ද යත් බුවනෝස් අයර්ස් නගරයම එකම හිස්ගොඩක් මෙන් ඇතැම් ඡායාරූප වල දිස්විය
පසුගිය ඉරිදා පැවති අවසන්මහා තරගයෙන් ආර්ජන්ටිනාව ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව පෙරේදා (20දා) ආර්ජන්ටිනා කණ්ඩායම සිය මව්රටට පැමිණියේය. කෙසේ වෙතත් බොහෝ පිරිස් ඒ වනතෙක්ම බුවනෝස් අයර්ස් අගනගරයෙහි රැඳී සිටීම කැපී පෙණින. එහිදී නගරයේ පැවති ඇතැම් සාදයන් පැය 48 ක් දක්වා දීර්ඝ කාලයක් පුරාවට පැවතීමද විශේෂත්වයකි.
මේ අනුව ආර්ජන්ටිනාවේ ජනහහණයෙන් දහයෙන් එකකට ආසන්න සංඛ්‍යාවක් ලෝක ශූරයින් පිළිගැනීමට පැමිණ ඇති අතර එය ශ්‍රී ලංකාවේ ජනගහණය මෙන් පහෙන් එකකි.
මේ අතර ලෝක අනුශූරයින් වූ ප්‍රංශය, මෙන්ම තෙවැනි ස්ථානය දිනූ ක්රොයේෂියාවද පිළිගැනීමට දහස් සංඛ්‍යාත පිරිස් ඒ ඒ් රටවල් වලට එක්රැස්වී සිටියහ.
එමෙන්ම මෙවර අප්‍රිකානු මහද්වීපයට ආඩම්බරයක් වෙමින් සිව්වැනි ස්තානය දක්වා සිය කණ්ඩායම රැගෙන පැමිණි මොරොක්කෝ ක්‍රීඩකයින්ද විශේෂ උත්සවයකින් පිළිගැනීමට එරට බළධාරීන් ක්‍රියා කළහ.