විදුලිබල ක්ෂේත්රයේ ප්රතිසංස්කරන සඳහා කැබිනට් මණ්ඩල කමිටු වාර්තාව පිළිබඳ ජාතික ප්‍රතිපත්ති අනුකමිටු සභාපතිවරයාගේ යෝජනාවලිය ලබන 08 වැනි දා ජාතික සභාවට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වනවා.
මෙරට විදුලිබල ක්ෂේත්රයේ සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ ඉදිරිපත් කිරීම සඳහා අදාළ කෙටි, මධ්‍ය හා දිගු කාලීන ජාතික ප්‍රතිපත්ති හා ප්‍රමුඛතා හඳුනා ගැනීම සඳහා යි මෙම ජාතික සභා අනුකමිටු යෝජනාවලිය ඉදිරිපත් වන්නේ.
මෙම යෝජනාවලියට පෙරේ දා (28) කැබිනට් අනුමැතිය හිමි වූ අතර, අමාත්‍ය කංචන විජේසේකර විසින් එය ජාතික සභා අනුකමිටු සභාපති නාමල් රාජපක්ෂට භාර දුන් බව සඳහන්.