විදේශයන්හි සිට දිවයිනට ගෙන්වන ශ්‍රමිකයින්ගේ නිවෙස් නිරෝධායනය සම්බන්ධයෙන් යම් වෙනසක් සිදුකිරීමට නියමිත බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
විදෙස් රටවල සිට මෙරටට පැමිණෙන පිරිස් රජයේ නිරෝධායන මධ්‍යස්ථානයක හෝ හෝටලයක එසේ නොමැති නම් පෞද්ගලික ස්ථානයක දින 14ක් නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කරයි.ඉන්පසු ඔවුන් පී.සී.ආර් පරීක්ෂණයක් සිදු කර වාර්තා පොසිටිව් වුවහොත් ඔවුන් රෝහල් කරා යොමු කරමු ලබයි.ඔවුන්ගේ පී.සී.ආර් වාර්තා නෙගෙටිවු වුවහොත් ඔවුන් නිවෙස් වෙත යවනු ලබන අතර නිවසෙත් තව දින 14ක් නිරෝධායනය කරන ක්‍රමවේදයක් දැනට ලංකාව තුළ පවතී.
මෙම ක්‍රමවේදය බොහෝ දුරට අද(10) දිනයේ දී සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්තුමා විසින් ලිහිල් කර නිර්දේශ ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව යුද හමුදාපතිවරයා සඳහන් කරයි.ඒ අනුව මෙසේ ලංකාවට රැගෙන එන ශ්‍රී ලාංකිකයින් දින 14ක නිරෝධායනය කිරීමෙන් අනතුරුව කරන ලබන පී.සී.ආර් පරීක්ෂණය නෙගටිව් නම් ඔවුන් තව දින 14ක් නිවෙස්වල නිරෝධායනය නොකර සම්පූර්ණයෙන් නිදහස් කරන්න කටයුතු කරන්න සාකච්ඡා කර ඇති බව යුධහමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.