ලෝක බැංකුවේ ආධාර යටතේ, මෙරටට ලබාදුන් යූරියා පොහොර මෙට්‍රික් ටොන් 22,000ක් රැගෙන කොළඹ වරායට පැමිණි දෙවන නෞකාවෙන් පොහොර ගොඩබෑමේ කටයුතු ආරම්භ කර තිබෙනවා.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ලබාදුන් උපදෙස් මත පොහොර ගොඩබෑමේ කටයුතු ඊයේ රාත්‍රි 8 සිට අරම්භ කළ බවයි කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති ජගත් පෙරේරා සඳහන් කළේ.