පස් කඳු හා ගල් මාර්ගයට වැටීම හේතුවෙන් මාර්ග දෙකක රථ වාහන ගමනාගමනයට බාධා එල්ලවි තිබෙනවා.
ඇල්ල ප්රදේශයට පවතින අයහපත් කාලගුණි තත්ත්වය හේත-වෙන් ඇල්ල වැල්ලවාය මාර්ගයේ 12 කණුව ප්රදේශයේ මාර්ගයට ගල් සහ ගස් කඩා වැටීම හේතුවෙන් ගමනාගමනයට බාධා මතුවී ඇති බවයි පොලිසිය කියාසිටියේ.
එබැවින් ගල් සහ ගස් ඉවත් කරන තෙක් එම මාර්ගයේ ගමනාගමනය සීමාකර ඇති අතර මාර්ග සංවර්ධන අධිකාරිය හා පොලිසිය එක්ව මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතුවල නිරතව සිටිනවා.