මීටියාගොඩ මහවෙල ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගැනීමට උත්සහ කිරීමේදී පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් ජාවාරම්කරු තුවාල ලබා ඇති බව පොලීසිය පැවසුවේය.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ සැකකරු බලපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහු 28 හැවිරිදි අයෙකු බව වාර්තා වේ.
මීටියාගොඩ පොලීසිය වෙඩි තැබීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.