වැලිකඩ මේ වනවිට ඇති බන්ධනාගාර තුනම කඩිනමින් හොරණ ප්‍රදේශයට රැගෙන යාමට නියමිත බව විෂය භාර රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසයි.
ඊයේ (23) පෙරවරුවේ මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.
වාණිජමය වටිනාකම ඉතාම ඉහළ බොරැල්ල ප්‍රදේශයේ ඇති බන්ධනාගාරවල අක්කර 46ක් පමණ වන ඉඩම්වල බන්ධනාගාර පවත්වාගෙන යාම තේරුමක් නොමැති බවත්, හැකි ඉක්මනින් නාගරික සංවර්ධන අධිකාරියෙන් ලබාදුන් හොරණ ප්‍රදේශයට ඒවා ගෙන යාමට කටයුතු කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.