තෙරිපැහැ පොලිස් වසමේ හෙලගම ප්‍රදේශයේදී බහින්බස් වීමක් දුරදිග යාම හේතුවෙන් තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කර තිබේ.
ඊයේ (22) දහවල් කාලයේදී එම ඝාතනය සිදුව ඇත.
එසේ මියගොස් ඇත්තේ, 50 හැවිරිදි මුගුණගහපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියකි.
මරණකාරියගේ දියණිය පවුල් ආරවුලක් හේතුවෙන් වසර කිහිපයක සිටි තම පුරුෂයාගෙන් වෙන්වී මවගේ නිවසේ ජීවත්වෙමින් සිට ඇත.
ඔවුන් ඊයේ රජය මගින් නොමිලේ බෙදා දෙනු ලබන වියළි ආහාර ලබාගැනීම සඳහා තෙරිපැහැ පොලිස් වසමේ හෙලගම ග්‍රාම නිලධාරී කාර්යාලයක් වෙත ගොස් තිබුණි.
එහිදී දියණියගේ ස්වාමිපුරුෂයා නමින් තිබූ වියළි ආහාර ද්‍රව්‍ය දියණිය හා මව විසින් ලබාගැනීමට උත්සහ කිරීමේදී ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් දියණියගේ පුරුෂයා විසින් ඉනේ සඟවාගෙන තිබූ උල් පිහියක් ගෙන මවට සහ බිරිඳට ඇන එම ස්ථානයෙන් පළාගොස් ඇත.
තුවාලකාරියන් දෙදෙනා තෙරිපැහැ රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා රිකිල්ලගස්කඩ රෝහල වෙත රැගෙන යමින් සිටියදී මව මියගොස් තිබේ.
වයස අවරුදු 27ක්වූ සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර අද (23) වලපනේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිව සම්බන්ධයෙන් තෙරිපැහැ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.