බ්‍රිතාන්‍යයෙන් වාර්තා වූ B-117 නම් වූ නව කොරෝනා වෛරස් ප්‍රභේදය පළමු වරට ආසියානු රටක් වූ සිංගප්පූරුවෙන් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
යුරෝපයේ සිට සිය රටට පැමිණීමෙන් පසු කොවිඩ් ආසාදිතයින් බවට තහවුරු වූ පුද්ගලයින් ගේ සිදුකළ ජානමය පරීක්ෂණයෙන් මෙම වෛරස් ප්‍රභේදය සහිත පළමු ආසාදිතයා සොයා ගැනීමට හැකිවූ බව සිංගප්පුරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.
නොවැම්බර් 17 සිට දෙසැම්බර් 17 දක්වා කාලය තුළ සිංගප්පුරුවට පැමිණි කොවිඩ්-19 ආසාදිත රෝගීන් 31 දෙනාගෙන් එක් අයෙකුට බ්‍රිතාන්‍යයෙන් වාර්තා වූ නව වෛරස් ප්‍රභේදය ආසාදනය වී තිබෙන බවත් තවත් 11 දෙනෙකු මූලික වශයෙන් ආසාදනය වී ඇති අතර ඔවුන්ගේ වාර්තා වැඩිදුර අධ්‍යයනය සඳහා යොමු කොට ඇති බවත් එරට බලධාරීන් සඳහන් කරයි.
නව ප්‍රභේදය සහිත රෝගියා 2020 අගෝස්තු මාසයේ සිට එක්සත් රාජධානියේ ඉගෙනුම ලබන 17 හැවිරිදී තරුණියක් බවද සිංගප්පුරු බලධාරීන් සඳහන් කර ඇත.