ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ දියණිය වන හිටපු ජනපතිනී හා නිදහස් පක්ෂ හිටපු සභාපති මෙන්ම පක්ෂයේ අනුශාසිකා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීමට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ.
ඇයට අමතරව පක්ෂයේ ජේයෂ්ඨ උපසභාපති අමාත්‍ය නිමල් සිරිපලද සිල්වා මහතා ඇතුළු පිරිසකගේ පක්ෂ සාමාජිකත්වයද තාවකාලිකව අත්හිටුවා තිබේ.
ඒ අනුව පක්ෂ මතයට හා මධ්‍යම කාරක සභාවේ තීන්දුවලට පටහැනිව කටයුතු කළ පක්ෂයේ හිටපු ජ්‍යෙෂ්ඨ උපසභාපති මහින්ද අමරවීර, හිටපු උපලේකම් රංජිත් සියඹලාපිටිය, හිටපු ප්රචාරක ලේකම් ශාන්ත බණ්ඩාර, හිටපු භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න, උපසභාපතිවරුන් වන සුරේන් රාඝවන්, චාමර සම්පත් දසනායක සහ ජගත් පුෂ්පකුමාර අතුළු පිරිසේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට පක්ෂය තීරණය කර තිබේ.
එම පිරිසට එරෙහිව විනය පරික්ෂණයක් පැවැත්වීමට නියමිත බවත් එතෙක් ඔවුන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට තීරණය කර තිබේ.
මීට අමතරව පක්ෂ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ෂාන් විජයලාල් සිල්වා, අංග්ජන් රාමනාදන් සහ හිටපු අමාත්‍ය ෆයිසර් මුස්තාපා යන මහත්වරු පත්කර තිබේ. පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම ඊයේ පැවැත්විණ.