දෙසැම්බර් මාසයේ ගෙවුණු කාලසීමාවේ දී ලන්ඩන් නුවරින් වාර්තා වූ ආසාදිතයින්ගෙන් සියයට 60ක්ම, එරට පැතිරයන නව කොවිඩ් වෛරසය වැළඳුණු පිරිස් බව හඳුනාගෙන තිබේ.
VUI-20212/01 නමින් නව කොවිඩ් කාරක වෛරස ප්‍රභේදයක් පළමුවරට පසුගියදා එක්සත් රාජධානියෙන් හඳුනාගැණුණි.
ගෝලීය වසංගත තත්ත්වයක් නිර්මාණය කළ සාර්ස් කොව් ටූ වෛරසය විපර්යාසයන් 23කට ලක්ව බිහිව ඇති මේ නව වෛරස ප්‍රභේදය එහි මූලික වෛරසයට වඩා වැඩි ව්‍යාප්ති ප්‍රවණතාවක් ද දක්වයි.
වෛරසයේ පැතිරීමේ හැකියාව සියයට 70ක් තරම් ඉහළ ප්‍රතිශයක් ගන්න බව විද්‍යාඥයින්ගේ මතයයි.
එක්සත් රාජධානියේ තත්ත්වයට සමගාමීව දකුණු අප්‍රිකාවේ ද නව ජාන කේතයක් සහිත වෛරසයක් පැතිරයන බවට අනාවරණය වී තිබේ.
රටේ ප්‍රාන්ත කිහිපයක පැතිරයන මේ නව ප්‍රභේදය, VUI-20212/01 ප්‍රභේදයට වඩාත් සමාන නමුත් වෙනස් ලක්ෂණ සහිතය.
එමෙන්ම මේ කාණ්ඩය ඉතා පහසුවෙන් තරුණ ප්‍රජාව අතර පැතිර යන බවත් වාර්තා වේ.