කොවිඩ් ආසාදිතව ස්වයං නිරෝධායනයට යොමුවී සිටින රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සිය ෆේස්බුක් සටහනක් තබමින් තමාගේ වර්තමාන තත්ත්වය පිළිබඳ සඳහන් කර තිබේ.
“මේ මොහොතේ covid-19 වෛරසය ආසාදනය වී ඇති ලෝකවාසී සියලුම දෙනාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන“බවද ජයසේකර මහතාගේ සටහනේ දැක්වෙයි.
එම සටහන පහතින් දැක්වේ.
අමාත්‍යවරයා මේ වන විට හික්කඩුව ප්‍රදේශයේ රජයේ නිරෝධායන මධ්‍යස්ථානයක ප්‍රතිකාර සඳහා යොමුකර සිටී.
දින කිහිපයක සිට පැවති උණ තත්ත්වය හේතුවෙන් දයාසිරි ජයසේකර මහතා ස්වේච්ඡාවෙන්ම ඊයේ (07) දිනයේ පී.සී.ආර් පරීක්ෂණයක් සඳහා යොමු වී තිබුණි.
ඔහු කොවිඩ් ආසාදිතයෙකු බව හඳුනාගෙන තිබෙන්නේ ඒ අනුවය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කොවිඩ් වෛරසය වැළඳුණු ප්‍රථම අවස්ථාව මෙය වේ.
දයාසිරි ජයසේකර මහතා පසුගිය ජනවාරි 1 වන දා මරදාන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති ආගමික වතාවත් සඳහා සහභාගි වී තිබුණි.
එම අවස්ථාවට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ බස්නාහිර පළාත් සභාව නියෝජනය කළ හිටපු අමාත්‍යවරුන් කිහිප දෙනෙකුම එක්ව සිටියේය.