ශ්‍රී ලංකාවෙන් බිහිවූ අතිදක්ෂ පිතිකරුවෙකු පන්දු යවන්නෙකු සහ පන්දු රකින්නෙකු මෙන්ම කළක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයාව සිටි තිලකරත්න දිල්ශාන් එළඹෙන පළමු පෙළ වික්ටෝරියානු ක්‍රිකට් ලීගය සඳහා මෙල්බර්න් හී කෙසී සවුත් ක්‍රිකට් සමාජය වෙනුවෙන් තරඟ වැදීම සඳහා ගිවිසුම් අත්සන් කළ බව එම ක්‍රීඩා සමාජ ආරංචි මාර්ග පවසයි.
මෙම ක්‍රිකට් සමාජයේ සහය පුහුණුකරු වන්නේ ශ්‍රී ලංකාවෙන් බිහිවූ තවත් අතිදක්ෂ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන තිලාන් සමරවීරයි.
තිලකරත්න දිල්ෂාන් සමඟ කෙසී සවුත් ක්‍රිකට් පිළේ ක්‍රීඩා කරන ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ලාබාළ තරුණ ක්‍රීඩකයන් දෙදෙනෙකු වන අශ්වින් ආදිහෙට්ටි සහ ඈශ්ලි චන්ද්‍රසිංහ සමඟ තිලකරත්න දිල්ෂාන් වැනි ප්‍රවීණයෙකු එක් පිළක එකට එක්වී තරඟ වදිනු දක්නට ලැබීම මෙල්බර්න් හී ශ්‍රී ලාංකිකයින් හට ඉමහත් සතුටට හේතුවක් වනු ඇත.