චීනය විසින් ඉන්දියන් සාගරය තුළට “සී වින්ග් ග්ලයිඩර්” නමින් හැඳින්වෙන දිය යටින් ගමන් කරන නියමුවන් රහිත නිරීක්ෂණය යාත්‍රා විශේෂයක් යොදවා ඇති බවට ජාත්‍යන්තර මාධ්‍ය තොරතුරු අනාවරණය කොට ඇත.
චීන විශේෂඥයෙකු විසින් ෆෝබ්ස් සඟරාවට ලියූ සටහන උපුටා දක්වමින් ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වා දී ඇත්තේ මෙම ඩ්‍රෝන යාත්‍රාවලට මාස ගණනාවක් දිය යට රැදී සිටිමින් තොරතුරු එක් රැස් කළ හැකි බවයි.
මෙම යාත්‍රා නාවික කටයුතු නිරීක්ෂණයට සහ නාවික බුද්ධි තොරතුරු රැස්කිරීමට යොදාගන්නා බව අදාළ මාධ්‍ය වාර්තාවල දැක්වේ.
2019 වර්ෂයේ දෙසැම්බර් සිට 2020 පෙබරවාරි මාසය දක්වා මෙවැනි යාත්‍රා 14ක කණ්ඩායමක් ඉන්දියන් සාගරයේ නිරීක්ෂණය සදහා යොදවා තිබූ බවත්, ඉන් යාත්‍රා 12 ක් විසින් නිරීක්ෂණ 3400ක පමණ සිදුකර ඇති බවත් සදහන් වේ.
අන්තර්ජාතික ආරක්ෂක විශ්ලේෂකයන් සදහන් කරන්නේ මෙම පියවර ඉන්දියන් සාගරයේ ආරක්ෂාව සම්බන්ධයෙන් මේ වනවිට පවතින උණුසුම් සහගත වාතාවරණය තවදුරටත් ඉහළ නංවනු ඇති බවයි.
මිලිටරි තාක්ෂණයේ දියුණුව විනාශයට අතවනන්නක් නොව විනාශයන් වැළැක්වීමේ මාධ්‍යයක් විය යුතු බව ඉන්දියානු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බිපින් රාවට් මහතා විසින් අවධාරණය කරන ලදි.