කොරෝනා වසංගතය හේතුවෙන් නිවෙස් තුළටම හිරවෙලා සිටින දරුවන්ට නිවසේ මිදුලේවත් සෙල්ලම් කරන්න ඉඩ ලබාදීම වැදගත්. දෙමාපියන් විශේෂයෙන් මේ ගැන අවධානය යොමු කළ යුතුයි. එහෙම නැති වුණොත් දරුවන්ට දියවැඩියාව, අධික තරබාරුව ඇතුළු බෝනොවන රෝග වැළඳීමේ අවදානමක් තිබෙනවා යැයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ඊයේ (20 වැනිදා) පැවැසීය.
කොරෝනා හේතුවෙන් නිවෙස් තුළම රැඳී සිටින පාසල් දරුවන්ට බෝනොවන රෝග වැළඳීමේ අවදානමක් තිබේදැයි විමසූ අවස්ථාවේ ඒ මහතා එසේ කියා සිටියේය.
මෙහිදී තවදුරටත් කතා කළ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා මෙසේද කීය.
‘‘අද කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් බස්නාහිර ඇතුළු ඇතැම් ප්‍රදේශවල පාසල් තවමත් විවෘත කරලා නැහැ. මේ තත්ත්වය මත අද බොහෝ දරුවන් ඉන්නේ ගෙවල්වලට වෙලා. දරුවන්ට කොහේවත් යන්න විදිහක් නැහැ. ක්‍රීඩාවක් කරන්න විදිහක් නැහැ. ඒ නිසා මම දෙමාපියන්ගෙන් ඉල්ලීමක් කරනවා. ඔබේ දරුවා ගේ ඇතුළෙම හිරකරගෙන ඉන්නෙ නැතුව ගෙදර මිදුලේ, වත්තේ සෙල්ලම් කරන්න ඉඩ හරින්න කියා. උදේට විනාඩි පහළොවක්වත් ව්‍යායාම කරන්න හුරුකරවන්න. නැත්නම් දරුවන් බෝනොවන රෝගීන් බවට පත්වේවි.
අතපය වෙහෙසලා කරන්න වැඩ නැති නිසා දරුවන්ට දියවැඩියාව, අධික තරබාරුව, කොලෙස්ටරෝල් වැනි බෝනොවන රෝග වැළඳෙන්නට පුළුවන්’’.