කොරෝනා රෝගය වැළදී ඇති කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවවලට සහභාගී වී ඇති බව තහවුරු කරගෙන ඇත.
ඒ මහතා පසුගියදා “ෆෙරෙන්ටිනෝ ටයර් කෝපරේෂන් (පුද්) සමාගම” (Ferentino Tire Corporation- PVT Ltd) විවෘත කිරීමේ උත්සවයට ජනාධිපතිවරයා සමග සහභාගීව ඇත.
මීට අමතරව ඒ මහතා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාද සහභාගී වූ කලුතර දිස්ත්‍රික් සමාජ යටිතල පහසුකම් සංවර්ධන ” ව්‍යාපෘතියේ සමාලෝචන රැස්වීමේදී මුඛාවරණයක්ද නොමැතිව සමීපව සිටි අයුරුද දැකගන්නට ලැබිණ.
උපුටා ගැනීම: මව් රට පුවත්පත