මෙතෙක් කල් කොරෝනා රෝගීන් හමු නොවූ ඇන්ටා(ර්)ටික් මහද්වීපයෙනුත් ආසාදිතයින් හමුවී ඇති බව වාර්තා වේ.
ඇන්ටා(ර්)ක්ටික් හි චිලී හමුදාව විසින් පිහිටුවා ඇති බර්නාඩෝ ඕ’ හිග්ගින්ස් පර්යේෂණ මධ්‍යස්ථානයෙන් ආසාදිතයින් 36 දෙනෙක් හමුවී ඇති බව සඳහන් ය.
ඉන් 26 දෙනෙක් හමුදා සාමාජිකයින් වන අතර අනෙක් 10 දෙනා එම ස්ථානයේ සේවය කරමින් සිටි සිවිල් සේවකයින් ය.
එම පර්යේෂණ මධ්‍යස්ථානයට අවශ්‍ය දෑ රැගෙන ගිය නැවක සිටි සේවකයින් තිදෙනෙක් කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගත් බව චිලී රාජ්‍යය මීට දෙන කිහිපයකට පෙර දී වාර්තා කළේය.
ඒ අනුව මේ වනවිට මහද්වීප 7න්ම කොවිඩ් රෝගීන් හමුවී තිබේ.
පසුගිය දෙසැම්බර් මාසයේදී චීනයේ වුහාන් ප්‍රදේශයෙන් පළමුවරට කොරෝනා රෝගීන් හමුවිය.