කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිපදවන ලද කොවිඩ් වෛරසයට එරෙහි ප්‍රතිජීවක ඖෂධය අද දිනයේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන වෙත පිළිගන්වා ඇති අතර එම අවස්ථාවට ආණ්ඩු පක්ෂය නියෝජනය කරනු ලබන අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන් පිරිසක්ද එක්ව සිටියහ.
එහිදී එම පිරිස එම ඖෂධය පානය කරන අයුරු දැක්වෙන ජයාරූප සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතී.
මීට පෙර මෙම ඖෂධය සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ඇතුළු ආණ්ඩු පක්ෂයේ ඇමතිවරුන් පිරිසක් ද පානය කිරීමට පියවර ගෙන තිබිණ.