පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා විසින් ශානි අබේසේකර මහතාට සිදුවූ අසාධාරණය නිවැරැදි කල යුතු බව අපරාධ පරීක්ෂණ කොට්ඨාසය භාර අධ්යක්ෂවරයාට හා තවත් ජේශ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකුට බලපෑම් සිදු කොට ඇත.පොලිස්පතිතුමා ශානි අබේසේකර මහතා හා අනෙක් නිලධාරීන් දෙදෙනා පොලිස්පති කාර්යාලයේදී ඊයේ දින මුණ ගැසුණු අතර ශානි අබේසේකර මහතාහේ සියළුම ලිපිගොනු ගෙන්වාගෙන ඇත.මෙම ජේශ්ඨ නියෝජ්‍ය පොලිස්පති හා අපරාධ කොට්ඨාස භාර අධ්යක්ෂ පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාගේ කැදවීමකට අනුව පැමිණ ඇති අතර ඒ වනවිටත් ශානි අබේසේකර මහතා පොලිස්පතිතුමාගේ කාර්යාලයේ රැදී සිට ඇත.
ශානි අබේසේකර මහතාට පසුගිය කාලයේ මහත් අසාධාරණයක් සිදුවූ බවත් තමා විශ්‍රාම යෑමට මත්තෙන් එය වහාම නිවැරැදි කලයුතු බව මෙම පොලිස් නිලධාරීන් වෙත වහාම දන්වා ඇත.