විදේශ රැකියා සහ සංක්‍රමණ ක්ෂේත්‍රෙය් මේ වන විට වාර්තාවන ජාවාරම් සහ අක්‍රමිකතා වැලැක්වීම සදහා වහාම සංක්‍රමණයන්ට අදාල සියලු කටයුතු ඩිජිටල් වේදිකාවකට ගෙන ආ යුුත බවත්, මෙය ඩිජිටල්කරණයට ලක් නොකරන්නේ කාගේ බලපෑමක් නිසාදැයි ප්‍රශ්ණ කරන බවත් විදෙස් බලය සංවිධාන පවසනවා.
විදේශ රැකියා සහ සංක්‍රමණ ක්ෂේත්රය ඩිජිටල්කරණයට ලක් නොවීම නිසා මේ වන විට විවිධ ජාවාරම්කරුවන්ට අවශ්‍ය ආකාරයට මෙම ක්ෂේත්‍රෙය් කටයුතු මෙහෙයවීමට අවස්ථාව ලැබී ඇති බවද විදෙස් බලය අවධාරණය කරනවා.
පසුගිය කාලයේදී විසිට් වීසා මගින් විදේශ රැකියා සදහා පිටත්ව යාම් සීග්‍රෙයන් වර්ධනයව තිබුණ අතර විසිට් වීසා මගින් රැකියා සදහා ශ්‍රමිකයින් රැගෙන යාම ජාවාරම්කරුවන් අතටද පත්වී තිබූ අතර එම නිසා ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් බොහෝ පිරිසක් විවිධ දුෂ්කරතාවයන්ට මුහුණදී තිබුණා.
රැකියා සොයාගෙන විසිට් වීසා මගින් ඩුබායි පැමිණි තරුණ තරුණියන් රැකියා සොයා ගත නොහැකිව මහ පාරේ තැනින් තැන දුක් විදීමට සිදුවූයේත්, ඕමානය සහ ලංකාව අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාවයන්ට පවා බලපෑම් ඇතිකළ හැකි ආකාරයේ කළු පැල්ලමක් ඇතිවූයේත් මෙම ක්ෂේත්රය ඩිජිටල්කරණයෙන් ඈත් වීම නිසායි.
විදේශ රැකියා සහ සංක්‍රමණිකයින් සම්බන්ධයෙන් වන තොරතුරු එක් ඩිජිටල් වේදිකාවකට ගෙන ඒමට හැකියාව ලැබුණේ නම් මෙවැනි ජාවාරම්වලට තිත තැබීමට හැකියාව ලැබෙන බව විදෙස් බලය සංවිධානය අවධාරණය කර සිටිනවා.
මේ නිසා වහාම මෙම ක්ෂේත්රය ඩිජිටල්කරණයට ලක් කළ යුතු බවත්, ඒ සදහා රාජ්‍ය පාර්ශවය සිය කැපවීම වහාම පෙන්නුම් කළ යුතු බවත් විදෙස් බලය සංවිධානය වැඩිදුරටත් සඳහන් කරනවා.