රුසියාව විසින් නිෂ්පාදනය කරන ලද කොරෝනා එන්නත ජනතාවට ලබා දීම ආරම්භ කර තිබේ.
ස්පුට්නික් V ලෙස නම් කොට ඇති මෙම එන්නත 95%ක සාර්ථකත්වයත් ඇති බව වාර්තා වේ.එමගින් විශාල අතුරු ආබාධ ඇති නොවන බවද ඔවුන්ගේ අදහසයි.
පාසැල් හා සෞඛ්‍ය සේවයේ නියුතු මිලියන 13 ක ජනතාවට සහ සමාජ සේවකයින්ට එන්නත ලබා දීමට එරට බලධාරීන් දැනටමත් සැලසුම් කර ඇති බව පැවසේ.