ජනතා විමුක්ති පෙරමුණ සමඟ ඉදිරියේ දී එක්ව කටයුතු කිරීමට තමන් සූදානම් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය ප්රකාශ කළා.
එහි නායක කුමාර් ගුණරත්නම් මේ බව කියා සිටියේ කෑගල්ල නගර ශාලාවේ දී ඊයේ පැවති එම පක්ෂයේ ඉල්මහ විරු සැමරුමට එක්වෙමින්.
මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ 33 වන ඉල්මහ විරු සමරුව කොළඹ විහාරමහාදේවී එළිමහන් රංගපීඨයේ දී ඊයේ පැවැත්වුණා.
ඊට එක්වෙමින් එහි නායක පාර්ලිමේන්තු මන්ත්රී අනුර කුමාර දිසානායක කියා සිටියේ වර්තමානයේ සැබෑ ජනතාවාදී කඳවුරට එරෙහිව ඩුප්ලිකේට් කඳවුරු සෑදීමේ කුමන්ත්රණයක් ක්රියාත්මක බවයි.