ඇහැළියගොඩ පොලිස් වසමේ හොරගොඩ ඇළේ උඩුමත්ත ප්රදේශයේ තිබී නිරුවත් පිරිමි මළ සිරුරක් හමුව ඇත.
අදාළ මළ සිරුර සම්බන්ධයෙන් ඇහැළියගොඩ පොලීසියට ලද පණිවුඩයක් මත විමර්ශන ආරම්භ කර තිබේ.
එම මෘත ශරීරය හඳුනාගැනීමට නොහැකි තත්ත්වයේ පවතින බවත් මීට දින කිහිපයකට පෙර මියගොස් ඇති බවට පොලීසිය සිදුකළ විමර්ශනයේ දී අනාවරණය වී තිබේ.
මෘත ශරීර සම්බන්ධයෙන් මහෙස්ත්රාත් පරීක්ෂණ ඇහැළියගොඩ රෝහලේ දී පැවැත්වේ.