රටක් ලෙස බලාපොරොත්තු වන්නේ විදෙස් රැකියා සඳහා වෘත්තීකයන් යොමු කිරීම මිස තවදුරටත් ගෘහ සේවය ප්‍රවර්ධනය කිරීම නොවන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ සෞදියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගෙන් ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා රියාද්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ගිය අවස්ථාවේ පැවති වෘත්තීකයන්ගේ හමුවක් අමතමින්.
විදෙස්ගත ශ්‍රමිකයින් සඳහා වන විශ්‍රාම වැටුප් ක්‍රමය දැනටමත් ක්‍රියාත්මක බව සඳහන් කළ අමාත්‍යවරයා රටට එවා ඇති මුදල් ප්‍රමාණය අනුව ඩියුටි ෆ්‍රී සීමාව ඩොලර් 7500 දක්වා වැඩි කර ඇති බව ද සඳහන් කළා.