1982 ලෝක කුසලාන තරගාවලියේදී ජාතික කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවූ හිටපු ඉතාලි පාපන්දු ක්‍රීඩක පාවුලෝ රෝසි මියගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
මිය යන විට වයස අවුරුදු 64 ක් බව ඔහුගේ පවුලේ අය පවසති.ඔහුගේ බිරිඳ ෆෙඩරිකා කැපෙලෙටි ඉන්ස්ටග්‍රෑම් හි “පර් සෙම්පර්” (ඉතාලි භාෂාවෙන් “සදහටම”) යන වචන සමඟ ඔවුන් දෙදෙනාගේ පින්තූරයක් පළ කර ඇත.
ඔහුගේ මරණයට හේතුව ඇය හෙළි කළේ නැත. ඔහුට දිගු කලක් රෝගාතුර වූ බව ඉතාලි මාධ්‍ය වාර්තා කරයි.1982 දී ස්පාඤඤයේ පැවති තරඟාවලියේ වැඩිම ලකුණු ලාභියා සහ හොඳම ක්‍රීඩකයා වූයේ රෝසි ය.